මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් සලසන ලියාපදිංචි වාහන වල තොරතුරු විමසීමේ ඉ-සේවාවට සාදරයෙන් පිළිගනිමු.
ලියාපදිංචි කරන ලද ඕනෑම වාහනයක සම්පූර්ණ හෝ සීමිත තොරතුරු මෙම සේවාව මගින් ලබා ගත හැක. මෙම තොරතුරු ලබා ගැනීම සඳහා පහසු ගාස්තුවක් ගෙවිය යුතු අතර එම ගාස්තුව ලබා ගන්නා තොරතුරු මත රදා පවති.
වාහනයේ ලියාපදිංචි අංකය සහ චැසි අංකය ඇතුලත් කර වාහනයක සම්පූර්ණ හෝ සීමිත තොරතුරු තොරතුරු ලබා ගත හැක.
-
වාහනයක සම්පූර්ණ තොරතුරු ලබාගැනීමේ ක්‍රියා පිළිවෙල
- කරුණාකර වාහනය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම යටතේ ඇති 'ඉදිරියට යන්න' බොත්තම ක්ලික් කරන්න.
- සහතික කිරීමේ ප්රතිපාදකයෙක් තෝරාගෙන සේවාවට ඇතුල්වන්න
- අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
- ඉන්පසු ‘යොමු කරන්න’ බොත්තම ක්ලික් කරන්න.
- එවිට පද්ධතිය මගින් ඉදිරියට යාම සනාථ කිරීමේ තිරයක් පෙන්නුම් කරයි
- ඔබ ඉදිරියට යාමට එකඟ නම්, 'සනාථ කරන්න' බොත්තම ක්ලික් කරන්න.
- ගෙවීම සිදු කිරීම සඳහා ඔබව ලංකා ගෙවීම් ද්වාරය වෙත යොමු කරනු ලැබේ.
- ඔබගේ ගෙවීම සාර්ථක නම් පද්ධතිය විසින් ඔබ ඉල්ලුම් කළ වාහනයට අදාළ සම්පූර්ණ තොරතුරු තිරය මත පෙන්නුම් කෙරේ.
- තවද 'වාර්තාව මුද්‍රණය කරන්න' මත ක්ලික් කිරීමන් මෙම තොරතුරු මුද්‍රණය කිරීමේ හැකියාව ඇත.
-
වාහනයක සම්පූර්ණ තොරතුරු ලබාගැනීමේ ක්‍රියා පිළිවෙල
- කරුණාකර වාහනය පිළිබඳ සීමිත තොරතුරු ලබාගැනීම යටතේ ඇති 'ඉදිරියට යන්න' බොත්තම ක්ලික් කරන්න.
- සහතික කිරීමේ ප්රතිපාදකයෙක් තෝරාගෙන සේවාවට ඇතුල්වන්න
- අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
- ඉන්පසු ‘යොමු කරන්න’ බොත්තම ක්ලික් කරන්න.
- ඔබගේ ගෙවීම සාර්ථක නම් පද්ධතිය විසින් ඔබ ඉල්ලුම් කළ වාහනයට අදාළ සීමිත තොරතුරු තිරය මත පෙන්නුම් කෙරේ.
- තවද 'වාර්තාව මුද්‍රණය කරන්න' මත ක්ලික් කිරීමන් මෙම තොරතුරු මුද්‍රණය කිරීමේ හැකියාව ඇත.
අතිරේක තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ඉ-සේවාව මගින් දී ඇති උපදේශයන් කියවන්න.